ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
දිවයිනේ දකුණු අර්ධයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (16) සිට ඉදිරි දින කිහිපයේ සවස් කාලයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, උතුරු මැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.
