News

ප්‍රදේශ කිහිපයකට අයිස් කැට වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට (10) ඊයේ සවස් කාලයේ අයිස් කැට වර්ෂාවන් පතිත වී තිබේ.

මීගහකිව්ල පිටමාරුව ,බිබිල ,මොණරාගල 17 කණුව සහ අමුනේකදුර සහ අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශ වලට අයිස් වැස්ස පතිත වී ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළේය.

ඇතැම් ප්‍රදේශවලට විනාඩි 30 අධික කාලයක් අයිස් වැස්ස පතිත වී ඇති බව වාර්තාවේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ ඊයේ (10) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අයිස් වැසි ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පැවති බවයි.