පළාත් 6කට කාලගුණයෙන් රතු නිවේදනයක්
ප්‍රභල අකුණු පිළිබදව අනතුරු ඇගවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු-මැද සහ උතුරු පළාත්වලත් මාතර, බදුල්ල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බවයි.
ගිගුරුම් සහිත වැසි සමග පැ.කි.මී. 70 – 80ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.

