ප්රවාහනය කරමින් සිටි තේ දළුවලට භූමිතෙල් ගැසූ පුද්ගලයන් සොයා මෙහෙයුමක්
හැටන් ෂැනන් තේ වත්තේ සිට එම වත්තේ තේ කර්මාන්ත ශාලාව වෙත ට්රැක්ටර් රථයකින් අද(06) පස්වරු 4.30 ට පමණ ප්රවහනය කරමින් තිබු අමු තේ දළුවලට කිසියම් පිරිසක් විසින් භුමිතෙල් ඉස එම අමු තේ දළු විනාශ කර ඇති බවට හැටන් පොලිසියට පැමිණිල්ලක් ලැබි ඇති බව හැටන් මුලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම් ජමිල් මහතා පැවසිය.
වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට ලංකා කම්කරු කොන්ග්රසය මගින් දින තුනක් තිසසේ ආරම්භ කර ඇති වැඩ වර්ජනයට සහයෝගය නොදැක් වු වතුකරයේ වෙනත් වෘත්තිය සමිති වල වතු කම්කරු කාන්තාවන් අද(06) දින එම වතු යායේ සේවයට වාර්තා කර නෙලා තිබු තේ දළුයි මෙසේ තේ කර්මාන්ත ශාලාවට ප්රවහනය කර ඇත්තේ.
අමු තේ දළු කිලෝ 1440 ක් මෙසේ ප්රවහනය කල බවත්, දස දෙනෙකුගෙන් යුතු පිරිසක් ප්රධාන මාර්ගයේ රැක සිටිමින් ට්රැක්ටර් රථය හරස් කර අමු තේ දළු වලට භුමිතෙල් ඉසු බවයි ට්රැක්ටර් රථයේ රියදුරා හැටන් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සදහන් කර ඇත්තේ.
එම තේ දළු වල වටිනාකම රු එක්ලක්ෂ විසිදහස් නවසිය හැටක් බව වතු පාලන අධිකාරි මගින් පොලිසියට දැනුම් දි ඇති බවත්, එම භුමිතෙල් ඉසු සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කර ඇති බවයි හැටන් මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා කියා සිටි.
හැටන් – රංජිත් රාජපක්ෂ