ප්‍රවීණ ගායන ශිල්පිණි ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිණි ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) සිදු කිරීමට නියමිතව ඇත.
අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කෙරෙන අතර ප්‍රවීණ ගායන ශිල්පිණි ඇන්ජලීන් ගුණතිලක මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 29 වනදා පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
මිය යන විට අතුමිය 79 වන වියේ පසුවිය.