ප්‍රහාරවලට සම්බන්ධ මෝටර් රථයක් හා සැකකරුවන් නවාතැන් ගෙන සිටි නිවසක් හමුවෙයි
මාළඹේ , මිහිඳු මාවතේදී සැකකටයුතු මෝටර් රථයක් පොලිස් භාරයට ගේම ඇත. ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන් නවාතැන් ගෙන සිටි නිවසක්ද පානදුරින් හමුවී ඇත.
කොළඹ නගරය තුළ බෝම්බ පිපිරීම්වලට අදාළ සැකකරුවන් කොළඹ නගරයට රැගෙන එන ලද බවට සැක කෙරෙන වෑන් රථයක් එහි රියදුරු ද සමඟ වැල්ලවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (21) පස්වරුවේ මෙම වෑන් රථය අත්අඩංගුවට ගනු ලැබූවේ වැල්ලවත්ත ,රාමක්‍රිෂ්ණන් මාර්ගයේ ගමන් කරමින් තිබියදි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
එමෙන්ම පිපිරීම්වලට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු තාවකාලිකව නැවතී සිටි බවට සැක කෙරෙන පානදුර – උතුර පොලිස් වසමේ සරික්කමුල්ල ප්‍රදේශයේ නිවසක් ද ඊයේ සොයා ගෙන ඇත.