පාකිස්ථානු ගුවන් හමුදා ප්‍රධානී පස් දින නිළ සංචාරයක
පාකිස්ථානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චිෆ් මාර්ෂල් මුජාහිඩි අන්වර් කාන් මහතා ඇතුළු නිලදාරීන් පිරිසක් ශ්‍රී ලංකාවේ දින පහක නිළ සංචාරයක් සදහා ඊයේ (05) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයින වෙත ළගා විය.
අද දින (06) ගුවන් හමුදා මුලස්ථානට පැමිණි පාකිස්ථාන ගුවන් හමුදා ප්‍රධානී ඇතුලූ පිරිස ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිළධාරි එයාර් වයිස් මාර්ෂල් කැමිලස් ලැබිරෝයි නිලධාරි තුමන් විසින් උණුසුමි ලෙස පිළිගත්හ.
පාකිස්ථාන ගුවන් හමුදා ප්‍රධානිතුමා වෙත ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදි.
පාකිස්ථාන ගුවන් හමුදා ප්‍රධානී හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර නිළ හමුව අද ගුවන් හමුදා මුලස්ථානයේදී සිදුවු අතර මෙම හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
