පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත සිසිර ජනවාරි 17දක්වා යලි රක්ෂිත බන්ධනාගාරයට
එක්සත් ජාතික පක්ෂ පුත්තලම් දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත සිසිර කුමාර මහතා ලබන වසරේ ජනවාරි 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහාධිකරණය අද(20) නියෝග කර ඇත.
හලාවත මහාධිකරණය හමුවේ අද (20) නඩුව කැඳවූ අවස්ථාවේ දී පැමිණිලි පාර්ශවය සාක්කි ඉදිරිපත් කිරිමට සුදානමින් නොසිටි බැවින් මෙදිනට නඩුව යළි විභාගයට ගැනීමට විනිසුරුවරිය නියම කර ඇත.
එම නඩුව නැවත ලබන වසරේ ජනවාරි 17 වැනි දින හා පෙබරවාරි 06 වැනි දින විභාග කිරීමට නියමිත බවද නීතිඥ නිහාල් සුමනධිර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය 15 වැනි දින හලාවත මහාධිකරණයේ නඩු කටයුතු සිදු නොවීම හේතුවෙන් මේ නඩුව මෙම මස 21 වැනි කැදවීමට තීරණය වුයේ එදින අධිකරණයේ නිලධාරීන් හා පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරිවල නිරතව සිටීම හේතුවෙනි.
2004 වසරේ මැයි මස 30 වන දින හෝ ඊට ආසන්න දිනයක දි අයුතු ජන රාශියක සාමාජිකත්වය දරමින් නීතිවිරෝධීව ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
