Update : පාර්ලිමේන්තුව ලබන 27 දක්වා කල් තබයි
පාර්ලිමේන්තුව ලබන 27 දා ප.ව. 1.00 දක්වාත්, 29 දා පෙරවරු 10.30 දක්වාත් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා යෝජනා කළා.
එම යෝජනාව අනුර කුමාර මන්ත්‍රීවරයා විසින් ස්ථිර කළා.
_____________________________________________________________________
තේරීම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121ක්
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සංයුතිය පිළිබදව කළ ඡන්ද වීමසීමවට පක්ෂ ඡන්ද 121ක් ලැබුණා.
විපක්ෂව කිසිදු ඡන්දයක් ලැබුනේ නැහැ.
ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත්ව ගිය හේතුවෙනි.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙනුවෙන් කථානායකවරයා තේරීම් කාරක සභාවට නම් කළ නියෝජිතයන් සඳහා විරෝධයක් එල්ල වූ බැවින් ඉලෙක්ට්‍රෝනික් ක්‍රමයට ඡන්ද විමසීමක් සිදුකිරීමට තීරණය කළා.
_____________________________________________________________________
තේරීම් කාරක සභාවට විද්‍යුත් ක්‍රමයට ඡන්දය විමසයි
කථානායකවරයා ස්ථාවර නියෝග අනුව කටයුතු කර ඇති බවත් 14 වැනිදා විශ්වාසභංගයක් සම්මත වූ බව ප්‍රකාශ කර ඇති බවත් තේරීම් කාරක සභාව පිළිබඳව යම් ප්‍රශ්ණයක් ඇත්නම් තේරීම් කාරක සභාවට නමින් ඡන්දයක් අවශ්‍ය බව අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ අනුව මේ වනවිට නමින් නමට ඡන්දය විමසීමට කතානායකවරයා තීරණය කරයි.
_____________________________________________________________________
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව යයි
පාර්ලිමේන්තුවේ අද දිනයේ ආරම්භයේ කාරක සභාවට නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් ඇති වූ උණුසුම් තත්ත්වයත් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් පිටතට ගොස් තිබෙනවා.
ඒ් අනුව මේ වන විට කිසිදු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු සභා ගර්භයේ දක්නට නොමැති බවක් පෙනෙන්නට තිබෙන්නේ.
———————————————————————————————————————————
පාර්ලිමේන්තු කාරක සභාවට කථානායක නියෝජිතයින් 12දෙනා නම් කරයි
කථානායකවරයා සභාපතිත්වය දරණ කාරක සභාවට දේශපාලන පක්ෂ නියෝජිතයින් 12 දෙනෙකු පත් කළ නම් කථානායකවරයා විසින් සභාවට දැනුම් දෙයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය
දිනේශ් ගුණවර්ධන
එස්. බී. දිසානායක
නිමල් සිරිපාල ද සිල්වා
මහින්ද සමරවීර
විමල් වීරවංශ
එක්සත් ජාතික පෙරමුණ
ලක්ෂමන් කිරිඇල්ල
රවුෆ් හකීම්
රිෂාඩ් බදියුදීන්
මනෝ ගනේෂන්
පාඨලී චම්පික රණවක
දෙමළ ජාතික සන්ධානය
මාවෙයි සේනාධිරාජා
ජනතා විමුක්ති පෙරමුණ
විජිත හේරත්
——————————————————————————————–
පාර්ලිමේන්තු සභා ගර්භයට මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් පැමිණෙයි
පාර්ලිමේන්තු සැසිය අද පෙරවරු 10.30ට ආරම්භවීමට නියමිත අතර, ඊට සහභාගිවීම සදහා මේ වන විට මැති ඇමතිවරුන් සභා ගර්භයට පැමිණෙමින් සිටිනවා.