News

පාර්ලිමේන්තු සැසිය ආරම්භයට පෙරම මන්ත්‍රීවරු කටඅරී

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුණා.

අද දිනයේ පාර්ලිමේන්තු සැසියට සහභාගිවීම සදහා පැමිණි මැති ඇමැතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් ද විවිධ අදහස් ප්‍රකාශ කර සිටියා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු

මුළු පාර්ලිමේන්තුවම මේ වන කොට ආරාජිත වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය විනාශ වෙලා තියෙන්නේ. කථානායකවරයාගේ වැඩසටහන නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ.
ඇත්තටම මට කියන්න තියෙන්නේ කථානායකට පිස්සු කියලා තමයි.
අද මොකද කරන්නේ කියලා අපි තීන්දු කරන්නේ පක්ෂ නායක රැස්වීමේදී තමයි.

සිසුල් ප්‍රේමජයන්ත්

අපේ පොදු මතය වෙලා තියෙන්නේ විශ්වාසභංග යෝජනාවක් ගේන ඒක, ගේන්න නම් කමිටු පිහිටලා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ කටයුතු කරන්න කියලා ඊයේ පක්ෂ නායික රැස්වීමේ ජනාධිපතිතුමා දැනුම් දුන්නා.
ඒ නිසා මෙතෙක් කරපු දේවල් නීතයානුකූලයි කියලා අපි පිළිගන්නේ නැහැ.

රෝහිත අබේගුණවර්ධන

අපි කථානායකවරයාට කියනවා පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය අනුකූලව, අලුත් සැසිවාරයක් ආරම්භ කළාට පසුව කළ යුතු දේ කරන්න. මේ ගේන්න හදන විශ්වාසභංගය මොකක්ද කියලා අපිට පැහැදිලිව කියන්න. කැළෑ නීතිය පාර්ලිමේන්තුවට ගේන්න එපා කථානායකතුමනි. ඒ වගේම රනිල් වික්‍රමසිංහ අගමැති කරවන්න කැමතියි කියලා 113ක් පෙන්වන්නකෝ. පිහිදෙක හොයාලා ඉවර වුනාට පස්සේ මිරිස් කුඩු ගැන හොයාන්න.