News

Update : පාර්ලිමේන්තුව 19 වැනිදා දක්වා කල්තබයි

පාර්ලිමේන්තු සැසිවාරය අද පස්වරු 1.30ට ආරම්භවීමට තිබුණ ද ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු කථානායක ආසනය වට කරමින් විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවයක නිරත වුණා.

අරුන්දික ප‍්‍රනාන්දු මන්තී‍්‍රවරයා විසින් කථානායකවරයාගේ අසුන්ගෙන සිටි අතර, විපක්ෂයේ මන්තී‍්‍රවරුන් තම ආසන වල අසුන්ගෙන සිටියා.

ඉන් අනතුරුව කථානායකවරයා දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ විපක්ෂයේ දොරටුවකින් පාර්ලිමේන්තුවට ඇතුළු වුණා.

ඒ මොහොතේම දැඩි පොලිස් ආරක්ෂාවක් සමඟ පාර්ලිමේන්තු සභා ගර්භය වෙතට සෙංකෝලය රුගෙන එමට ද කටයුතු කළා.

කථානායකවරයා ඇතුළු වනවාත් සමගම ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් විසින් කථානායක අසුන ඉන් ඉවත් කිරීමට කටයුතු කළා.

මේ හේතුවන් පාර්ලිමේන්තුවේ සේවකයින් විසින් කථානායකවරයා අසුන් ගැන්වීම සදහා පිටතින් අසුනක් ගෙන එනු ලැබුවත්, එම ආසනය ද ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් විසින් එය පැහැරගනු ලැබුවා.

ඉන් අනතුරුව කථානායකවරයා විසින් කථානායක අසුන වෙත නොපැමිණි ඔහු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මයික්‍රෆෝනයකින් සභාව අමතනු ලැබුවා.

එම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පොලීසියට දෙසට ප්‍රහාර එල්ල කළ අතර, පසුව ස්ථාවර නියෝග අත්හිටුවා විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසන බවයි කථානායකවරයා සදහන් කළා.

අනතුරුව අත් ඔසවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය ඡන්දය ප්‍රකාශ කළ අතර, එය පිළි ගන්නා බව කථානායකවරයා පැවසුවා.

ඉන් පසුව කථානායකවරයා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්ත්වය මධ්‍යයේ ලබන 19 වැනිදා පස්වරු 1 දක්වා පාර්ලිමේන්තුව කල්තබන බවට පැවසීමෙන් අනතුරුව සභා ගර්භයෙන් පිටව ගියා.

—————————————————————————————————————————————-

පාර්ලිමේන්තුවේ ඇති වූ දැඩි උණුසුම් තත්ත්වයත් සමග අද දිනයේ දී ද පාර්ලිමේන්තු සැසිවාරය නිසි අයුරින් පැවැත් වීමට නොහැකි විය.

මේ නිසාවෙන් පාර්ලිමේන්තුව ලබන 19 වැනිදා පස්වරු 1 දක්වා කල් තැබීමටයි කථානායකවරයා තීරණය කළා.

කථානායකවරයා සභාවට පැමිණීමට පෙර ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන්ගේ දැඩි විරෝධය හමුවේ පාර්ලිමේන්තුව කල් දැමීමට කථානායකවරයාට සිදු වුවා.


කතානායකවරයා විශ්වාසභංග යෝජනාවට ඡන්ද ගැනීම අරඹයි

මේ මොහොතේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු සභාගැබට පැමිණීමට සූදානම් වූ අතර ඒත් සමඟම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කතානායක ආසනය පවා රැගෙන ගියේය.

එහෙත් කතානායක ආසනයට නොගිය කතානායක කරු ජයසූරිය අගමැතිට සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත කිරීමට කටයුතු කරයි.


ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පෙරමුණ මන්තී‍්‍රවරු යළිත් විශ්වාසභංග යෝජනාවට මේ වන විට අත්සන් ලබාගනිමින් සිටිනවා.

————————————————————————————-

පාලිත සහ රන්ජන් මන්තී‍්‍රවරුන් අත්අඩංගුවට ගන්න – ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු කියයි

පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පිහියක් රැගෙන පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය හේතුවෙන් කතානායකවරයාගේ අසුන වටේ සිටගෙන සටන් පාඨ කියමින් විරෝධතාවයක් නිරත වනවා.

එමෙන්ම රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා ද අත්අඩංගුවට ගන්නා ලෙසට ද මේ වන විට සටන් පාඨ කියමින් සිටිනවා.

————————————————————————————-

පාර්ලිමේන්තු සැසිවාරය අැරෙඹයි – ආරම්භයම උණුසුම් වෙයි

පාර්ලිමේන්තු සැසිවාරය මේ වන විට අාරම්භ වී තිබෙනවා. කථානායක අසුනේ අරුන්දික ප්‍රනාන්දු මහතා අසුන්ගෙන සිටිනවා.

අාණ්ඩු පක්ෂෙය් මන්ත්‍රීවරුන් තම අසුන්වලින් නැගිට සිටින අතර, විපක්ෂෙය් මන්ත්‍රීවරුන් තම අසුන්වල අසුන්ගෙන සිටිනවා.

Posted by Ada Derana 24×7 on Thursday, November 15, 2018