News

පාර්ලිමේන්තුව උදේ 10ට රැස්‌වෙයි – එ.ජා.පය ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක්

අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

ඊට ප්‍රථමයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායකවරයා පක්ෂ නායකයින් හමුවේ රැස්වීමක් ද පැවැත්වීමට නියමිතයි.

එහිදී පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය පිළිබඳව තීරණය කිරීමට ද නියමිතව ඇත.

මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කරනවා.

දේශපාලන ආරංචි මාර්ග පවසන අන්දමට අද දිනයේදී ද මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය පුටුවේ අසුන්ගැනීමට නියමිත බවයි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා අද දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව බවට වාර්තා වනවා.

කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාට අද දිනයේදී අගමැති ලෙස ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ.

ඊයේ දිනයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජය වූ හෙයින් එම රජය වලංගු නොවන බව ද හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පවසනවා.