News

පාර්ලිමේන්තුව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අතර ගිවිසුමක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ජාලයක් ස්ථාපනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුම අද (24) පාර්ලිමේන්තු සංකිර්ණයෙදී අත්සන් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය දැනුම් දී ඇත.