News

පාර්ලිමේන්තුව හෙට සිට ලබන 26 වැනිදා දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට (23) පෙරවරුවේ රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ඒ මහතා සදහන් කළේ හෙට සිට ලබන 26 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි.

හෙට දින රේගු ආඥා පනතේ 10 වන වගන්තිය යටතේ ආනයන තීරුබදු සම්බන්ධව වන යෝජනාවක්, ආනයන හා අපනයන පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවනු ලැබූ රෙගුලාසි 2ක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගයක්ද විවාදයට ගැනීමට නියමිතයි.