News

පාසලට ගිය සිසුවා අතර මගදී වෑන් රථයක ගැටී මියයයි

ගම්පහ, අකරගම ගොඩිගමුව මහ විද්‍යාලය අසල පදික මාරුව හරහා ගමන් කළ පාසල් සිසුවෙක් වෑන් රථයක ගැටී මියයයි.

තම සියා සමඟ ක්‍රිඩා පුහුණුව සඳහා මිය ගිය සිසුවා පැමිණ ඇති අතර ක්‍රීඩාංගණයේ ගේට්ටුව අසලින් මාර්ගය හරහා ගමන් කරන අවස්ථාවේදී මීගමුව සිට මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටී ඇත. මියගිය සිසුවා වයස අවුරුදු 11ක අශාන් මදූෂක නැමති ගම්පහ ගොඩිගමුව මහ විද්‍යාලයේ සිසුවෙකි.

හිසට බරපතළ තුවාල ලැබූ සිසුවා ගොඩිගමුව අකරගම රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිට ඇත.

අනතුරට වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.