පාසල්, ආගමික ස්ථාන ඇතුළු පොදු ස්ථානවලට සිවිල් ආරක්ෂක භටයින් 20,000 ක්
දිවයිනේ ඉදිරි ආරක්ෂක කටයුතු වෙනුවෙන් සිවිල් ආරක්ෂක භටයින් 20,000 ක් පමණ අනුයුක්ත කිරීමට නියමිතයි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ පාසල්, ආගමික ස්ථාන ඇතුළු පොදු ස්ථානවල ආරක්ෂාවට ඔවුන් යෙදවීමට නියමිත බවය.
මේ වන විට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිටින පුහුණු භටයින් 4,000ක් පමණ කොළඹ නගරය ආශ්‍රිතව රාජකාරිවල නිරතව ඇත.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිටින පුහුණු භටයින් සංඛ්‍යාව 35,000 කි.