පාසල් සිසු සිසුවියන් හයදෙනෙකුට කොරෝනා
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හයදෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ ලුණුගම්වෙහෙර, අගුණකොළැවැව ප්‍රාථමික විදුහලේ සිසු සිසුවියන් පිරිසකටයි.
සෞඛ්‍ය අංශ සදහන් කළේ සිසුන් 37 දෙනකු හදිසි පී.සී.ආර් පරීක්ෂණයකට ලක්කිරීමෙන් පසු සිසුන් තිදෙනකු හා සිසුවියන් තිදෙනකු කොරෝනා ආසාධිත බවට තහවුරුවී ඇති බවයි.
ඉන් අනතුරුව එම සිසු සිසුවියන් පිරිස හම්බන්තොට මහ රෝහලට සහ එරමිණියාය කොරෝනා ප්‍රතිකාර ඒකකයටත් ඇතුලත් කර තිබේ.
ඔවුන් ආශ්‍රිතයින් වන අනෙකුත් දරුවන් 31දෙනා සහ එම පවුල්වල සාමාජිකයින් නිරෝධායනයට යොමු කර ඇත.