News

පාසල්වල වැඩ වලට දෙමව්පියන්ගේ මුදල් එකතු කිරීම නවත්වන්න – අකිල

පාසල්වල කටයුතු සඳහා පවසමින් දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම නතර කිරීමට වහාම පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ජාතික පාසල් සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් ශාඛාවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පත් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරන අතර අමාත්‍යවරයා කියා සිටියේ මුදල් එකතු කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛයේ ප්‍රතිපාදනවලට අනුකූලව සියළු නිලධාරීන් අනිවාර්යෙන් කටයුතු කළ යුතු බවයි.