News

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ

පාස්කු දින සිදුවූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලසීමාව මෙම වසරේ සැප්තැම්බර් 20 දින දක්වා මාස හයකින් දීර්ඝ කර ඇත.

මෙම කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ මෙම 20 වැනිදාට පෙරය. කොමිෂන් සභාවේ කාලසීමාව මාර්තු 20 දිනෙන් අවසන් වීමට නියමිතව තිබිණි.

එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එහි කාලසීමාව මාස හයකින් දීර්ඝ කරමින් අත්සන් කළ ගැසට් නිවේදනය ඊයේ (17 වැනිදා) නිකුත් කෙරිණි.

 

අජිත් අලහකෝන්