News

පාස්කු ඉරිදා බෝම්බ නිසා එළවළු ගොවීන්ටත් බරපතළයි

පාස්කු ඉරිදා දේවස්ථාන හා හෝටල් ඉලක්ක කර එල්ල වූ ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආර්ථික මධ්‍යස්ථාන වෙත ව්‍යාපාරිකයන් නොපැමිණීම නිසා සිය අස්වැන්න විකුණා ගත නොහැකිව ගොවීහු දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇත.

පසුගිය 21 වැනි දින එල්ල වූ ප්‍රහාරයත් සමග රට පුරා ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරී‍මෙන් පසුව කාත්තන්කුඩි ප්‍රදේශයේ ඇති වූ මරාගෙන මැරෙන ප්‍රහාරයත් එම ප්‍රදේශයෙන් හා රට පුරා ස්ථාන ගණනාවකින් අවි ආයුධ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමත් සමග ගොවිබිම්වලට හා ආර්ථික මධ්‍යස්ථානවලට ව්‍යාපාරිකයින් නොපැමිණීමෙන් පහතරට එළවළු කිලෝව රුපියල් 5 – 20 අතර මිලකට පහත වැටී තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනකට එළවළු ලොරි 1500-2000 අතර ප්‍රමාණයක් පැමිණේ. එම ලොරි මගින් ගෙන එනු ලබන එළවළු ප්‍රමාණය කිලෝ ලක්ෂ 10-15 අතර වෙයි. ඊට අමතරව තඹුත්තේගම, බණ්ඩාරවෙල, ආදී ආර්ථික මධ්‍යස්ථානවලටද ඊට සාපේක්ෂව විශාල එළවළු ලොරි ප්‍රමාණයක් පැමිණෙයි.

චමින්ද සේනාරත්න