News

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන විමර්ශන කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවේ දී අද(25) සභාගත කර තිබේ.

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කර අවශ්‍ය නිර්දේශ සිදුකිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන බව සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙම වාර්තාව පිළිබඳව දින 03ක විවාදයක් ඉල්ලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳව සාකච්ඡා කළ හැකි බව එහිදී කථානායකවරයා විසින් ප්‍රකාශ කර ඇත.