පාස්කු ප්‍රහාරයට පෙර ආරක්ෂක කවුන්සිලයට කැඳවීමක් ලැබුනේ නැහැ
අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර ආරක්ෂක කවුන්සිලය වෙත සහභාගී වන ලෙසට තමන්ට කැඳවීමක් නොලැබුණු බව පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා පවසයි.
ඒ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලාබාදෙමින් මේ බව සඳහන් කළේය.
නමුත් පාස්කු ප්‍රහාරයෙන් පසු අප්‍රේල් මස 23 වැනි දින ආරක්ෂක කවුන්සිලයට සහභාගී වන ලෙස තමන්ට කැඳවීමක් ලැබුණු බව ලතීෆ් මහතා ප්‍රකාශ කළේය.
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට පෙර අනතුරු ඇඟවීමේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාගේ ලිපියේ එක් ඇමුණුමක් පමණක් තමාට ද ලැබුනු බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී වැඩි දුරටත් සදහන් කළේය.
