News

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම දෙනෙකුටම මරණ දඬුවම දිය යුතුයි – ජනපති

අප්‍රේල් 21 දා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ සෑම අයෙක්ම මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අයට විරුද්ධව පරික්ෂණ අඛණ්ඩව සිදුවන බවත්, ඔවුන්ට එරෙහිව පැහැදිළි සාක්ෂි තිබෙන අතර නිති පොතට අනුව ඔවුන්ට ද මරණීය දණ්ඩනය හිමි විය යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

මෙරට අපරාධ නීතියට අනුව මිනී මැරුමකට, රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයකට මෙන්ම ත‍්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා ද වැරදිකරුවෙකු වුවහොත් මරණීය දණ්ඩය හිමිවන අතර මරණීය දණ්ඩය අහෝසි කිරීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් ගන්නා උත්සහය තුළින් එම කිසිදු අපරාධකරුවෙකුට දඩුවම් ලබාදීමට නොහැකි වන බව ද ඔහු සඳහන් කළ අතර පැළෑද රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සර්වඥ ධාතු මන්දිරය, පුස්තකාලය සහ ධර්ම මන්දිරය සඝ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ (16දා) පස්වරුවේ එක් වෙමින් එතුමා මේ බව සඳහන් කළේය.