පාස්කු ප්‍රහාරයට සැකකරුවන් 293ක් අත්අඩංගුවට
පසුගිය අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව මේ සම්බන්ධයෙන් සැකකරුවන් සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයින් 293දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
අද (05) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 115දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.
තවත් සැකකරුවන් 178දෙනෙකු රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය.
