News

පැල්වත්තේ දී සිදු වූ මාරක මෝටර් රථ අනතුර

අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් ගසක හැපීමෙන් මෝටර් රථයේ රියදුරු අසුනට යාබද අසුනේ සිටි 23 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබේ.

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ පැල්වත්ත සිනී සමාගම පරිශ්‍රයේ ඇති මාර්ගයක ඊයේ (7) පස්වරුවේ දී මෙම අනතුර සිදුව ඇත.

මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදු වන අවස්ථාවේ දී මෝටර් රථයේ පුද්ගලයන් තිදෙනකු ගමන්කර ඇත.

එම අනතුරින් වැල්ලවාය, කොටවෙහෙරගල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පසිඳු විජේසේකර නම් එම තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනතුරින් උසස් පෙළ හදාරන පාසල් සිසුවෙක් ඇතුළු තවත් අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලවෙත ඇතුලත් කර තිබේ.

තුවාල ලැබූ පාසල් සිසුවා මියගිය පුද්ගලයාගේ බාල සොහොයුරා වේ.