News

පැවැති පාර්ලිමේන්තුව කැඳවුවහොත් ප්‍රතිලාභ නැතිව සහන අනුමත කරන්න විපක්ෂයේ 80ක් සූදානම්

පැවැති පාර්ලිමේන්තුව නැවත කැඳවන්නේ නම් වැටුප්, වාහන, කෑම බීම ඇතුළු වරප්‍රසාද කිසිවක් නොලබා ජනතාවට සහන අනුමත කර දීමට තම පක්ෂයේ සාමාජිකත්වය දරන හිටපු මන්ත්‍රීවරුන් 80 ක් සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

මේ දිනවල ජනතාව අසහනකාරී සහ පීඩාකාරී ජීවිතයක් ගත කරන බවත්. මෙම තත්ත්වය තුළ ජනතාවට වඩා වැඩියෙන් සහන ලබා දිය යුතු බව කී විපක්ෂ නායකවරයා ඒ සඳහා අවශ්‍ය මුදල් පාර්ලිමේන්තුවෙන් කොන්දේසි විරහිතව අනුමත කර දීමට විපක්ෂය සූදානම් බවද හෙතෙම මෙහිදී අවධාරණය කළේය. ජනතාවට සහන ලබා දීම සඳහා ස්වේච්ඡාවෙන් වගකීම ඉටු කිරීමට සමගි ජන බලවේගය සූදානම් බව කී හිටපු විපක්ෂ නායකවරයා වහා පාර්ලිමේන්තුව කැඳවා තැළෙන පෑගෙන ජනතාවට වෙනුවෙන් අවශ්‍ය මුදල් අනුමත කර ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. මේ දිනවල දැඩි ඖෂධ හිඟයක් රට පුරා ඇතැයි කී හිටපු විපක්ෂ නායකවරයා ඖෂධ මිලදී ගැනීමටද මුදල් නැත්නම් ඒ සඳහාද අනුමැතිය ලබාදීමට සූදානම් බව පැවැසුවේය.

අජිත් අලහකෝන්