News

පී.සී.ආර්. යන්ත්‍ර 54ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට

කොවිඩ් පරීක්ෂණ කටයුතු සඳහා මෙරට විශ්වෙවිද්‍යාල සතුව ඇති පී.සී.ආර්. යන්ත්‍ර 51 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ ( 09වැනිදා ) ප්‍රකාශ කළේය.

ඊට අමතරව නැනෝ තාක්ෂණ ආයතනය සතු පී.සී.ආර්. යන්ත්‍ර 3 ක්ද සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දුන් බවත් හෙතෙම කීය.

කොළඹ, මොරටුව, ජයවර්ධනපුර, නැගෙනහිර, රුහුණ, කැලණිය, සබරගමුව සහ විවෘත විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයකම පී. සී. ආර්. යන්ත්‍ර සහ ආචාර්ය මහාචාර්යවරුන්ගේ සේවය කොරෝනා මර්දන කටයුත්ත වෙනුවෙන් ලබා දීමට තීරණය කර ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

 

අජිත් අලහකෝන්