News

පීඩනය වැඩි වුනොත් ජනපතිකම ඇත හැර ගොවිතැන් කරන්න යනබවට ජනපති කියූ බව මනෝ කියයි

පවතින දේශපාලන අර්බුදය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තවදුරටත් පීඩනයක් එල්ල වූවහොත් ජනාධිපති ධූරයෙන් ඉවත් වී පොළොන්නරුව වෙත ගොස් ගොවිතැන් කරන බව ජනාධිපතිවරයා පැවසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා එය සටහනක් වසහයෙන් අද(05) සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.

පසුගිය සඳුදා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල මහතා අතර දෙවන වරටත් පැවති සකච්ඡාවේදී ඉතා හැගීම්බරව මෙලෙස සඳහන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.

මනෝ ගනේෂන් මහතා විසින් නිකුත් කළ ට්විටර් පනිවිඩය පහතින්…