News

පුත්තලම සහ කොච්චිකඩේට පැනවු ඇදිරි නීතිය පැය 6 කට ඉවත් කෙරෙයි

පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව / කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශ සඳහා පනවා ඇති පොලිස් ඇදිරි නීතිය අද පෙරවරු 08 ට තාවකාලිකව ඉවත් කර යලි පස්වරු 2 කට නැවත ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඒ අනුව අද පස්වරු 2 සිට නැවත දැනුම් දෙන තෙක් එම ප්‍රදේශවල පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති බවයි.

මහ මැතිවරණයේ නාම යෝජනා ඉදිරිපත් කිරිමට කිසිදු බාධාවක් ඇති නොවීමට මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම අරමුණු කර ගනිමින් ඊයේ පස්රු 4 යි 30 සිට අදාල ප්‍රදේශ වෙත පොලිස් ඇදිරි නීතිය පැනවීමට කටයුතු කර තිබුණා.