News

පුත්තලම සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 7ක් අත්අඩංගුවට

පුත්තලම, කරඹ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සන්තකයේ තිබී කේරල ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් යතුරු පැදියක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එම සැකකරුවන් පාලවි, පුත්තලම සහ කල්ලඩි ප්‍රදේශවල පදිංචිකරුවන් බව නාවික හමුදාව සඳහන් කරයි.