News

පුත්තලමේ සිදුවූ රිය අනතුරකින් 04දෙනෙකු මියයයි

පුත්තලම, නාගවිල්ලුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් 4 දෙනෙකු තුවාල ලබා ඇත.

කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි අයෙකු මියගිය පුද්ගලයින් අතර වන බව පොලීසිය පැවසු අතර අද අලුයම 1.45ට පමණ යාපනයේ සිට කොළඹ බලා පැමිණි පුද්ගලයින් 7 දෙනෙකු රැගත් වෑන් රථයක් හා කොළඹ සිට පුත්තම දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරුකර යවා ඇත.