News

පුද්ගලයින් තිදෙනකුට මරු කැඳවූ බස් රථ රියදුරු අත්අඩංගුවට

පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවමින් මාරවිල මහවැව ප්‍රදේශයේ සිදුවූ පෞද්ගලික මගී බස් රථ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එසේම මෙම බස් රථය රියදුරන් දෙදෙනෙකු විසින් පදවා ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇති අතර එමඅනතුරින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.