පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාල හෙට විවෘතයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගේ ජාතික හැදුනුම්පත් සකස් කිරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (26) දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙතෙක් ජාතික හැදුනුම්පත් ලබා නොගත් විභාග අපේක්ෂකයින්ගේ ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු සදහා පමණක් හෙට දිනයේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල, කුරුණෑගල, වව්නියාව හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාලය විවෘතව තැබේ.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී.වී. ගුණතිලක මහතා පැවසුවේ එම කාර්යාල පෙරවරු 8.30ට සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බවයි.
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සදහා පමණක් මෙම විශේෂ සේවාව පවත්වනු ලබන අතර ඒ සදහා විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත් රැගෙන පැමිණිය යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කරයි.