පූජිත් සහ හේමසිරි පිළිබද අධිකරණයට කරුණු ගොනු කිරීම අද
අද (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් පිළිබඳව අද යළි අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊයේ (02) පස්වරුවේ කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය ජාතික රෝහලට සහ නාරාහේන්පිට පොලිස් රෝහලට පැමිණ හේමසිරි ප්රනාන්දු මහතා සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
පූජිත් ජයසුන්දර මහතා සහ හේමසිරි ප්රනාන්දු මහතා මේ වන විට බන්ධනාගාර නිලධාරීන් භාරයේ ජාතික රෝහලේ සහ පොලිස් රෝහලේ ප්රතිකාර ලබමින් සිටිති.
