පූජිත් සහ හේමසිරිට එරෙහි පෙත්සම් විභාගයට ගැනීමට දින නියම කෙරේ
පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන ජනවාරි මස 20 සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
ඒ අනුව එම පෙත්සම් ජනවාරි 20,21 සහ 22 තෙදින විභාගයට ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ මේ බව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ එම පෙත්සම් විභාගයට ගන්නවා නැතිද යන්න පිළිබද නියෝගය ප්‍රකාශ පත් කරමිනි. මෙම පෙත්සම් අද (2)යළි ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලා ඇති අතර
බෝම්බ ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා මිය ගිය පියකු වන නන්දන සිරිමාන්න,සංචාරක ව්‍යපාරිකයකු වන ජනත් විදානගේ , කතෝලික පියතුමන්ලා තිදෙනෙකු , ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයට හසුවූ නීතීඥ මෝදිත ඒකනායක , ඇතුළු 12 දෙනෙකු මෙම පෙත්සම් ගොනු කර ඇත.
මෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු හිටපු ආරක්ෂක ලේකම්, පොලිස්පති , නීතිපති ඇතුළු පිරිසක් නම් කර ඇත.
