News

පොදු අපේක්ෂකයා ගෙන්න නිදහස් පක්ෂය හා පොහොට්ටුවේ සාකච්ඡාව කල්යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් ගොඩනැගීම උදෙසා අද පැවැත්වීමට නියමිතව තිබූ පොහොට්ටුවේ සාකච්ඡා දෙපාර්ශවයේම එකඟතාවය මත මෙම මස 26 වන දා දක්වා කල් දමා ඇත.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ විරෝධී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.