පොදු සමාකාලය දීර්ඝ කරන්නැයි කුවේට් තානාපතිගෙන් ඉල්ලයි
කුවේටයේ නීති විරෝධීව රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදී ඇති පොදු සමාකාලය තුළ එරටින් පිටවිම සඳහා තිබු කාලය මැයි මස 30 දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.
විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කළාෆ් දහයිර් මහතා හමු වී මෙම ඉල්ලීම කර ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කරයි.
මේ සඳහා ඉතාම ඉක්මණින් සාධනීය පිළිතුරක් ලබා දෙන බව තානාපතිවරයා එහිදි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ප්‍රකාශ කර තිබේ.
කුවේටයේ නීති විරෝධීව රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ආහාර හා නවාතැන් පහසුකම් ලබාදීමටද එරට රජය පියවර ගෙන තිබෙන අතර එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නීති විරෝධීව රැදි සිටින ශ්‍රමිකයන් ලියාපදිංචි කිරිම ආරම්භකොට තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ශ්‍රමිකයන් සම්බන්ධව තොරතුරු සම්බන්ධිකරණය කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන අංශය හරහා සිදුකරමින් සිටී.
