News

පොල්ගහවෙල ඉන්ධන පිරවුම්හලක වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට

පොල්ගහවෙල, කහවත්තේඇල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකෑමට ආ තුවක්කුකරුවන් දෙදෙනෙකු එහි සේවකයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත.

අද අලුයම එල්ල කළ මෙම වෙඩි තැබීමෙන් 27 හැවිරිදි සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කොල්ලකරුවන් සේවකයාට වෙඩි තැබීමෙන් පසු මුදල් කොල්ල කා පලා ගොස් ඇති අතර ඔවුන් අංක තහඩු රහිත යතුරුපැදියකින් ජැකට් හා හිස්වැසුම් පැළඳ පැමිණ ඇති බව වාර්තා වෙයි.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ සේවකයා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.