ආනයනික පොල්තෙල්වල පිළිකා කාරක ඇති බව තෙවැනි වරටත් ඔප්පුවෙයි
පෞද්ගලික සමාගම් හතරකින් මෙරටට ආනයනය කර අදාළ සමාගම්වල ගුදම්වල ගබඩා කර තිබූ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නමැති පිළිකාකාරකය අඩංගු බව තෙවැනි පරීක්ෂණයෙන්ද ඊයේ (01 වැනිදා) තහවුරු වී තිබේ.
අදාළ ගුදම්වලින් ලබාගත් පොල්තෙල් සාම්පලවල පරීක්ෂණ ප්‍රතිඵල කාර්මික තාක්ෂණ ආයතනය, පාරිභෝගික සේවා අධිකාරිය වෙත ඊයේ (01 වැනිදා) යොමු කර තිබේ.
මීට ඉහතදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කළ පරීක්ෂණවලින් අදාළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නමැති පිළිකාකාරකය අඩංගු බවට තහවුරු වී තිබූ අතර, අනතුරුව කාර්මික තාක්ෂණ ආයතනය කළ තත්ත්ව පරීක්ෂණවලින්ද තහවුරු වී තිබේ.
ඉෂාර රත්නකාර