පොල්ලකින් පහර දී තරුණයෙකු ඝාතනය කළ සිව් දෙනෙකු අත්අඩංගුවට
පොල්ලකින් පහර දී තරුණයෙකු ඝාතනය කළ බව කියන සිව් දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මදුරන්කුලිය – ආමකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි ලක්ෂමන් ආනන්ද (අවු 32) නම් අයෙකි.
පසුගිය 23 වැනිදා සවස මදුරන්කුලිය – කරිකට්ටිය ප්‍රදේශයේදී මෙම පහර දීම සිදුවී ඇත.පහර කෑමට ලක්වූ අය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත. ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට 24 වැනිදා සවස ඔහු මිය ගොස් ඇත.
මිය ගොස් ඇති තරුණයා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවෙකුගේ සහෝදරියක් හා ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බවත්,ඒ සම්බන්ධයෙන් ඇති වූ කථා බහක් සිද්ධියට හේතුවී ඇති බවත් විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
සිද්ධියෙන් පසුව සැකකරුවන් ප්‍රදේශයෙන් පලා යාමට උත්සාහ කරන අතර තුර පොලීසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත. මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
පුත්තලම – ජුඩ් සමන්ත