පොලිතීන් මල්මාලා භාවිතයෙන් ඉවතට
බෙල්ලන්විල, පිල්ලෑව, කැලණිය, කතරගම, නවගමුව දේවාල වැනි ලංකාව පුරා ඇති පූජා භූමි ආශ්‍රිතව අලෙවි කෙරෙන පොලිතීන් මල් මාලා භාවිතයෙන් ඉවත් කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීමක් කර තිබේ.
කතරගම පුදබිම ආශ්‍රිතව සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
මල්මාලා නිෂ්පාදනය කර ජීවිකාව ගෙන ගිය පුද්ගලයින්ට පොලිතීන් මල්මාලා වෙනුවට ආදේශකයක් ලෙස කඩදාසිවලින් මල් මාලා නිෂ්පාදනය කිරීමට ජාතික ශිල්ප සභාව හරහා මේ වනවිට පුහුණුවක්ද ලබාදී තිබේ.
ඒ අනුව මේ මස 22 වැනිදා සිට පරිසර හිතකාමී මල් මාලා සහ තෙල් කඩදාසි වලින් නිමවන මල් මාලා හඳුන්වාදීමේ වැඩසටහන ආරම්භ කිරීමට නියමිත බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.