පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ
දිවයින පුරා බල පැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (22) පෙරවරු 6.00ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
ඊයේ (21) පස්වරුවේ දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ ස්ථාන 8කදී සිදුවූ පිපිරීම් සමග රටතුළ උද්ගතව ඇති තත්ත්වය හේතුවෙනි.
කොළඹ, මඩකලපුව දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයවලින් අනතුරුව පොලිස් ඇඳිරි නීතිය දිවයින පුරා ක්‍රියාත්මකට කිරීමට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණි.