පොලිස් ඥාතියාගේ වියදම පියවන්න OICලාගෙන් සල්ලි ගරන වැඩක්
ඉහළ පොලිස් නිලධාරියකුගේ ඥාතියකුගේ අවමඟුලට ගිය වියදම පියවීම සඳහා ඔහුට හිතවත් පොලිස් නිලධාරීන් පොලිස් කොට්ඨාසවලින් මුදල් එකතු කිරීම පටන් ගෙන ඇති බව වාර්තා වේ.
සබරගමුව සහ බස්නාහිර පළාතේ ඇතැම් පොලිස් කොට්ඨාසවලින් මෙම මුදල් එකතු කරන අතර එක පොලිස් කොට්ඨාසයකින් රුපියල් ලක්ෂය බැගින් එකතු කර ලබාදීමට සැලසුම් කර ඇත.
ඒ අනුව එක් පොලිස් ස්ථානයකින් රුපියල් පන්දහස බැගින් ලබා දෙන ලෙසට අදාළ පොලිසිවල ස්ථානාධිපතිවරුන්ට දන්වා තිබේ. මේ අතර බස්නාහිර පළාතේ එක් පොලිස් ස්ථානයකින් රුපියල් ලක්ෂය බැගින් එකතු කරන බවට වාර්තා වේ.
සුගන්ධි බස්නායක