News

පොලිස් ස්ථානාධිපතිවරු 54කට ස්ථාන මාරුවීම්

පොලිස් ⁣ස්ථානාධිපතිවරුන් 54දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දුන්බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය ජනවාරි මාසයේ මෙම ස්ථාන මාරුවීම්වලට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී ඇත.

මෙම ස්ථාන මාරු නියෝග ජනවාරි මාසයේ නිකුත් කර ඇති අතර පසු දිනම එය අවලංගු කර ඇති නමුත් අද යළි ස්ථාන මාරු නියෝග නිකුත් කර ඇත්තේ ජනවාරි මස අහෝසි කරන ලද නියෝගය සංශෝධනය කරමිනි.