News

පොලිස්පති CID යට

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස්පති පූජිත ජයසුන්දරට සී.අයි.ඩී.යට පැමිණෙන ලෙස අවස්ථා තුනකදී දැනුම්වත් කර ඇතත් ඔහු එම අවස්ථාවන් මගහැර ඇති බව වාර්තා වුවා.

නමුත් මේ වන විට පොලිස්පති පුජිත ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇති බවත් අද (25) උදෑසන පටන් මේ වනතෙක් පොලිස්පතිවරයාට ලැබුණු චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර පසුගිය සැප්තැම්බර් 2 වැනි දින හෙළි කළේ පොලිස් ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂ නාලක සිල්වා විසින් පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග එක්ව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවයි. එහිදී ඔහු හෙළිකරනු ලැබුවේ තමන්ට නාලක සිල්වා හඳුන්වා දුන්නේ පොලිස්පති පූජිත ජයසුන්දර විසින් බවයි.