පොලිස්පති නියෝගයෙන් නාලක සිල්වාට මාරුවක්
ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිසියේ තොරතුරු තාක්ෂණ දිසාව වෙත ස්ථාන මාරු කර තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම ස්ථාන මාරුව කර ඇත්තේ පොලිස් කොමිෂන් සභාවේ අවසරය මත බව වාර්තාවෙයි.
නාලක සිල්වා එම ඒකකයට මාරු කර යවා ඇත්තේ කිසිදු වගකීමක් පැවරිමකින් ද තොරවය.