News

පොලිසිය සෙවූ වාහන වලින් දෙකක් සොයාගැනේ

වරකාපොළ අඟුරුවැල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරිමේ දී වෑන් රථයක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඊයේ (23) රාත්‍රියේ සිදු කළ සෝදිසි මෙහෙයුමේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය සඳහන් කළේ එම නිවසේ තිබී යතුරුපැදියක් සහ සන්නිවේදන උපකරණ 4ක් ද සිය භාරයට ගත් බවය.

පොලිසිය භාරයට ගත් අදාළ වෑන් රථය සහ යතුරුපැදිය සැකසහිත වාහන වලින් 2ක් වන බව මේ වන විට අනාවරණ වී ඇත.

මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු එම නිවසේ සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති අතර පාස්කු ඉරිදා සිදුවු ප්‍රහාර වලින් සිදුවු මරණ සංඛ්‍යාව 359 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.