News

පොලිසියට වසරකට පැමිණිලි ලක්ෂ එකොළහක්

පොලිසිය වසරකට පැමිණිලි ලක්ෂ එකොළහක් පමණ සටහන් කරගන්නා බව නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න පැවසීය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ පසුගිය 31 වැනිදා ආරම්භ වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සිදුකරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

මේ වනවිට ශ්‍රී ලංකා පොලිසියේ අනුමත භට සංඛ්‍යාව 85,603ක් බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

නමුත් ශ්‍රී ලංකා පොලිස් රාජකාරියේ සේවක ඌනතාවක් පවතින බවත්, නිලධාරී හිඟය හේතුවෙන් පොලිසියේ සියලුම නිලධාරීන් හට පැය 12ක පමණ කාලයක් සේවය කිරීමට සිදුව ඇති බවත් ඔහු පැවසීය.

පොලිස් මූලස්ථානයේ තොරතුරු තාක්ෂණ පර්යේෂණ සංවර්ධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න පැවසුවේ එම අනුමත භට සංඛ්‍යාව අතරින් රාජකාරිවල නියැළී සිටින්නේ 73,209ක පමණ පිරිසක් බවයි.

වරුණි පෙරමුණ