පොලිසියේ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන්ගේ සමුළුව 26 සහ 27
ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ගේ (SOCO) 12 වැනි වාර්ෂික සමුළුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හා ස්වීඩන් රජයේ හිටපු පොලිස් කොමසාරිස් ලාන්ස්බර්ග්ගේ ප්‍රධානත්වයෙන් අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්යක්ෂ ඊ.එම්.ජී. ජගත් සේරම්ගේ මෙහෙයවීමෙන් ලබන 26 හා 27 දිනවල වාරියපොළ සහ කුරුණෑගල දී පැවැත්වේ.
ස්වීඩන් රජයේ ආධාර ඇතිව පිහිටුවා ඇති අපරාධ ස්ථාන පරීක්ෂණාගාර ව්‍යාපෘතිය දිවයින පුරා ආවරණය වන පරිදි පිහිටුවා ඇති අතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර 44ක නිලධාරීහු 21111ක් රාජකාරියේ නිරතව සිටිති.