News

පොලිසියේ කැපවීමට විශේෂ තෑග්ගක්

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට ජීවිත අවදානම නොසලකා දැඩි කැපවීමෙන් කළ මෙහෙවර උදෙසා පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක් පිරි නැමීමට තීරණය කර තිබේ.

පොලිස් ත්‍යාග අරමුදලින් රු.5,000 බැගින් මුදල් ත්‍යාගයක් පිරි නැමීමට වැඩබලන පොලිස්පති විසින් අනුමත කර, එම මුදල් ගෙවීම සඳහා පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.